එදා විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක ජනාධිපතිවන්නට පෙර ඒ, ඒ අවස්ථාවලදී ආණ්ඩු විරෝධී විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ ඕනෑ තරම් සන්ධානගතවිය. අනුර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ 1994 දී සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් යළි ක්‍රියාකාරී දේශපාලනයට එක්වූ පසු වසර 25 යන තුරුම තම පක්ෂයෙන් කිසිවිටෙක ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළේ නැත.
ඔවුන් පක්ෂයක් ලෙස 94 පසු පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ 2019 දීය.
එහෙත් 2024 වන තුරුම විටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ බුලත් කොළය සමග සන්ධාන ගතවීම් සහ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවූ සහය පළ කිරීම හරහා ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග ගැන එක්ව සාකච්ජා කළ බවට ඕනෑ තරම් සාක්ෂි ඇත්තේය. ඒත් අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂ නායකයින් පොදුවේ එක්වීම ආණ්ඩුව නියෝජනය කරන මාලිමාවේ 159ටත්, එළියේ සිටින ක්‍රියාකාරිකයින්ටත් දිරවාගත නොහැකි සිදුවීමක් වී ඇත්තේය.
ඔවුන්ට අනුව මේ එක්වන්නේ හොරුය. එහෙත් එදා ඒ හොරු සමඟ එක්ව කටයුතු කළ අනුර කුමාරට, ඒ ඉස්සර බැඳි පෙම් අද අමතක ඇත්තේ හරි පුදුම සහගත ලෙසටය.
අද විපක්ෂය මෙලෙස එක්ව තිබුණේ, තම පාර්ලිමේන්තු අයිතීන් ආරක්ෂා කර ගැනීමත්, කමිටු සඳහා විපක්ෂයේ නියෝජනය බිඳ දමන ආණ්ඩුවේ වැඩපිළිවෙල පරාජය කිරීමත් ඒ හරහා වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණ කිරීමත් උදෙසා වූ සාමූහික තීරණ ගැනීම පිළිබඳවත් සාකච්ජා කරන්නටය. මෙය නිරෝගී පාර්ලිමේන්තුවට සුබවාදී ප්‍රවේශයක්ය. මන්ද 159 සමඟ තුනෙන් දෙකක බලයක් තබාගත්තත් සිඟිති ආතල් දෙන ආණ්ඩු පක්ෂයක් ආණ්ඩු මට්ටු කරන්නේ කෙලෙසද යන්න මෙවැනි සාකච්ජා හරහා පැහැදිලි කරගත හැකිය.
පසුගිය සමයේ එක මිටට ඇති විපක්ෂයක් ගැන කතා කළ බොහෝ අයට දැන් විපක්ෂය එක මිටට ඇති බවක් පෙනෙන්නට තිබීම සුබවාදී ප්‍රවේශයක්ය. පාර්ලිමේන්තුවෙන් එපිට කොතරම් කතා කළත්, පාර්ලිමේන්තුව තුළදී ආණ්ඩුව මට්ටු කරන්නට හැක්කේ එක මිටට, එක පෙළට විපක්ෂය නියෝජනය කරන 66 දෙනාම එක්වූවොත් පමණක් බව දැන් හොඳින්ම පැහැදිලිය.
Lanka Newsweek © 2026